fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආනයනික කිරිපිටි ප‍්‍රමිතිය පිළිබඳ විදෙස් වාර්තාව කඩිනමින්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2019 09:13

ආනයනික කිරිපිටි ප‍්‍රමිතිය පිළිබඳ විදෙස් වාර්තාව කඩිනමින්

ආනයනික කිරිපිටිවල ප‍්‍රමිතිය සම්බන්ධ පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබාගැනීමට කටයුතු කරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

විදේශ රසායනාගාර කිහිපයකින් වාර්තා ලබාගැනීමටයි නියමිත. ඒවා ලැබුණු වහාම ප‍්‍රතිඑල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ප‍්‍රකාශ කළා. මිල ඉහළ දැමීමේ අපේක්ෂාවෙන් කිරිපිට හිඟයක් මවාපැවීමට උත්සාහ කරන සමාගම් වලට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කිරිපිටි සමාගම්වල ඉල්ලීම් පිළිබදව ද සාධාරණ ආකාරයෙන් සළකා බැලීමට රජය කටයුතු කර ඇති බව රිෂාද් බදියුදීන් මහතා පෙන්වාදුන්නා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2019 09:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්