දිවයින පුරා වී මිලදී ගැනීමේ කටයුතු හෙට සිට ආරම්භ කරන බව වී අළෙවි මණ්ඩලය ප්රකාශ කළා. සියලු ගබඩා ඒ සඳහා සූදානම් කර ඇති බවයි සභාපති කස්තුරි අනුරාධනායක මහතා සඳහන් කළේ.
ජනතාවගේ පහසුව වෙනුවෙන් දිස්ති්රක් ලේකම්වරුන්ට වී මිලදී ගැනීමේ ප්රධාන වගකීම පවරාදී ඇති බවත් සභාපතිවරයා පෙන්වාදුන්නා.වී මිළදී ගැනීම සඳහා මුදල් වෙන් කිරීමේ කටයුතු ද දිස්ති්රක් ලේකම්වරයා හරහා සම්පූර්ණයෙන්ම සිදුකිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.