දේශපාලන වේදිකාවේ කුමන රංගන පැවතිය ද තමාගේ ඉලක්කය උදාගම්මාන විසි දහසක් ඉදිකිරිම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්පාරේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකලා.
අම්පාර සුනිලදියගම උදාගම්මානය ජනතා අයිතියට පැවරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 166 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 21කින් සමන්විත ගම්මානයේ ඉදිකිරීම සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ දෙසිය විසි එකක්.
[ot-video type=”youtube” url=”https://youtu.be/tXfHQ2VcbiA”]