නියම සිංහල බෞද්ධකම පිළිබඳ අගමැති පහදයි
Related Articles
බුදු දහම ආරක්ෂා කිරීමට සහ පිලිපැදීමට කිසිදු ප්‍රසිද්ධියක් අවශ්‍යවන්නේ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා. ඒ සේදවත්ත, වෙහෙරගොඩ, පුරාණ විහාරයේ පැවති උත්සවයකට එක්වෙමින්.
සේදවත්ත, වෙහෙරගොඩ, පුරාණ විහාරය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළමුව ආගමික වතාවත්වල නිරතවුණා. . පූජ්‍ය අඹේපොල ඥාණාලෝක ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සඡඣායනා කර අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද පළකලා. විහාරස්ථාන භූමියේ පැළයක් රෝපණය කිරීමට අග්‍රාමාත්‍යවරයා එක්වුයේ ඉන් අනතුරුවයි. විහාරස්ථානයේ බුද්ධ මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණේද අග්‍රාමාත්‍යවරයා අතින්. ප්‍රතිසංස්කරණය කළ ආවාසගෙය ද මෙහිදී විවෘත කෙරුණා. අනතුරුව පැවති උත්සව සභාවේදී විහාරාධිපති පූජ්‍ය අඹේපොල ඥාණාලෝක ස්වාමීන් වහන්සේ යෝජිත ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි ස්ථානය පිළිබඳ අදහස් පළකලා.