නාඩු සහ සම්බා සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. ලබන අප්‍රේල් පළමුවනදා සිට එම මිල ක්‍රියාත්මක බවයි අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කළේ.
ගොවි සංවිධාන නියෝජිත හමුවක් අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවැත්වුණා. සහතිකමිලට ගොවි ජනතාවගෙන් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණා. ජනතාවට සහතික මිලට සහල් මිලදී ගැනීමේ අවස්ථාව උදාකළ යුතු බවටයි මෙහිදී අදහස් පළකෙරුණේ. ඒ අනුව නාඩු සහල් කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 80ක් සහ සම්බා සහල් කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 85ක උපරිම සිල්ලර මිලක් නියම කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Gx3GYx16Gu4″]