ජර්මනියෙන් මෙරටට මත්පෙති ගෙන්වූ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය වසරේ ඔක්තෝම්බර් 23 වනදා දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු නමට ජර්මනියෙන් ලැබුන පාර්සලයක් පිළිබද තැපැල් සේවකයින් සැක පළකලා.
එය පරික්ෂා කිරීමේ දී ඒතුළ මත්පෙති 523ක් ඇති බව තහවුරු වුණා. එහි වටිනාකම රුපියල් විසි ලක්ෂ අනූදෙදහසක් වනවා. මේ සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පැවැත්වු පොලිසිය දෙහිවල ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු 23න් හැවිරිදි වියේහි පසුවන්නෙක්. සැකකරු වැඩිදුර පරික්ෂණ සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.