ශ්‍රී ලාංකිකයින් තුළ පවත්නා පරිත්‍යාගශීලීත්වය ලොව බොහෝ රටවල් පුදුමයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.
හදට හදක් භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කියාසිටියා. හදවත් සැත්කම් සිදු කළ යුතු එහෙත් මුදල් නොමැති රෝගීන් වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මූලිකත්වයෙන් මෙම අරමුදල පිහිටුවා තිබෙනවා.
ශ්‍රී ලංකාව හෘද රෝග අවම රටක් බවට පත් කිරීම හදට හදක් අරමුදලේ අරමුණයි. හෘද රෝගීන්ට අවශ්‍ය මුදල් ලබා ගැනීම සදහා අයැදුම් කිරීමට වෙබ් අඩවිය තුළින් හැකිවනවා. හදට හදක් ව්‍යාපෘතිය ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත කිරීමට සැලසුම් කිරීම පිළිබද ජනාධිපතිතුමා සතුට පළ කළා. මෙම ව්‍යාපෘතිය සදහා කිහිප දෙනෙකුගේ පරිත්‍යාග නිල වශයෙන් භාර ගැනීමට ද ජනාධිපතිතුමා ක්‍රියා කළා.