fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකාවේ දුගීබව පිටුදැකීමේ වැඩපිළිවෙළ ප‍්‍රශංසනීය බව ලෝක බැංකුව කියයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 09:26

ශ‍්‍රී ලංකාවේ දුගීබව පිටුදැකීමේ වැඩපිළිවෙළ ප‍්‍රශංසනීය බව ලෝක බැංකුව කියයි

ශ‍්‍රීලංකාවේ දුගී භාවය පිටුදැකීමේ වැඩපිළිවෙළ ප‍්‍රශංසනීය බව ලෝක බැංකු දකුණු ආසියානු කලාපය සදහා වූ උප සභාපති ආචාර්ය හර්ට්වින්ග් ෂාෆර් මහතා ප‍්‍රකාශ කළා.

දුගී භාවය පිටුදැකීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ අගය කරන බවයි ඔහු සදහන් කළේ. මේවන විට ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ජනතාව අතර දූගී භාවය සාධනීය ලෙස පහල අගයක් ගනිමින් තිබෙන බවත්, උප සභාපතිවරයා පෙන්වා දුන්නා. ඒ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවේදී. ශ‍්‍රී ලංකාව ක‍්‍රමයෙන් දියුණුවකරායන රටක් ලෙස ලෝක බැංකුව විසින් හදුනාගෙන තිබෙනවා. ඒකපුද්ගල ආදායම මේවන විට ඩොලර් හාරදහසක් බවට පත්ව ඇතැයි ද හර්ට්වින්ග් ෂාෆර් මහතා ප‍්‍රකාශ කළා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2019 09:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්