සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන ඉනිම ක්රීඩා කළ දකුණු අප්රිකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 259ක් ලබා ගත්තා.
ශ්රී ලංකාව හා දකුණු අප්රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රීකට් තරගයේ 3වන දිනය අද(15)යි. පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්රිකා කණ්ඩායම පළමු ඉනිමට සියළු දෙනා දැවී ලකුණු 235 ක් ලබා ගත්තා. ඊට පිලිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමේදී ලබාගත හැකිවුනේ ලකුණු 191 ක් පමණයි. දෙවනි ඉනිම ක්රීඩා කළ දකුණු අප්රිකා කණ්ඩායමේ මුල් කඩුලු හතර ලකුණු 95ක් තුළදි දැවි ගියා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩුප් ලෙසිස් ලකුණු 90ක් ලබා ගත්තා. ක්වින්ටන් ඩිකොක් ලකුණු 55යි. ශ්රී ලංකා කණ්ඩායමේ විශ්ව ප්රනාන්දු කඩුලු 04ක් ද ලසිත් ඇඹුල් දෙණිය කඩුලු 05ක් සහ කසුන් රාජිත එක් කඩුල්ලක් ලබා ගත්තා.