හෝටල් සහ ආපනශාලා ඇතුළු ආහාර සපයන ආයතන සදහා යහපත් නිෂ්පාදන පිලිවෙත් සහතිකය අනිවාර්ය කර තිබෙනවා.
ශ්රී ලංකා පාරිභෝගික කටයුතු අධිකාරිය 2018 සැප්තැම්බර් 04 වෙනිදා නිකුත් කළ අංක 2087 / 19 දරණ ගැසට් නිවේදනය මගිනුයි මෙම සහතිකය ලබා ගැනීම අනිවාර්ය කර තිබෙන්නේ.
එම සහතිකය ශ්රී ලංකා ප්රමිති ආයතනයෙන් ලබා ගත යුතුයි. මෙම පනත මාර්තු පළමුවනදා සිට බලපැවැත්වෙනු ඇති. එච්.ඒ සී.සී.පී / එෆ්.එස්.එස්.සී 22000 හෝ අයි.එස්.ඕ. 22000 ආදී ප්රමිති සහතික ලබා ඇති ආයතන මෙම යහපත් නිෂ්පාදන පිලිවෙත් හෙවත් ජී.එම්.පී. සහතිකය ලබා ගැනිම අනිවාර්ය නොවන බවයි පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය සදහන් කරන්නේ.
මේ සදහා අයදුම්පත් ශ්රී ලංකා ප්රමිති ආයතන වෙබ් පිටුවෙන් නොමිලේ ලබා ගත හැකි වනවා. වැඩිදුර තොරුතුරු 0112 671 567 යන දුරකතන අංකයෙන් ලබා ගත හැකියි.