සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 54 දෙනෙකුට පන්ති තහනමක් පනවා තිබෙනවා.
ඒ සතියක කාලයක් සදහා. පීඨයේ නවක සිසුන්ට නවක වදය ලබාදිමේ සිද්ධීන් වලට සම්බන්ධ බවට තහවුරු වීම හේතුවෙන් පන්ති තහනම පැනවූ බවයි උප කුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා ප්‍රකාශ කළේ. සිසුවියන් පිරිසක් ද ඊට ඇතුලත්. සිසුන් සම්බන්ධයෙන් පීඨාධිපතිවරයාට ලැබුණු පැමිණිලි පිළිබද විමර්ශනයක දී මෙම සිසුන් වරදකරුවන් බවට තහවුරු වී තිබෙනවා.