උතුරේ හෝ වේවා දකුණේ හෝ වේවා සෑම පුරවැසියෙකුටම සමාන අවස්ථා සහ සේවා සැපයීමට පසුගිය වසර හතර තුළ රජය ක්‍රියා කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉදිරියේදී මෙම කටයුතු තවදුරටත් පුළුල් කරන බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/STHT9zZukis”]
යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකය විවෘත කිරීමෙන් අනතුරුව එහි පැවැති උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකලා. මෙහිදී තවදුරටත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අධික ණය බර උගුලකට රට පත්ව තිබියදීත් සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්රයන් වෙනුවෙන් වැඩිම වියදමක් කළේ වත්මන් රජය බවයි. නිදහස් සෞඛ්‍ය සේවාව යන්නෙහි නියම අරුත දැන් උදාවී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී සදහන් කළා. රෝග රැසකට ප්‍රතිකාර ගැනීමේ අපහසුතා පැවතියද දැන් රජය නොමිලේම සත්කාරක සේවා සැපයීමට ඉදිරිපත් වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර පලාලි ගුවන්තොටුපොල නිරීක්ෂණය කිරීමට ද අග්‍රාමාත්‍යවරයා එක්වුණා.
මයිලෙඩ්ඩි නැවත පදිංචි කිරීමේ ගම්මානයේ නිවාස රැසක් ඉදි කෙරෙනවා. එම නිවාස ඉදි කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේද අග්‍රාමාත්‍යවරයා අතින්.
කංකසන්තුරේ වරාය නිරීක්ෂණ චාරිකාවකට ද අග්‍රාමාත්‍යවරයා එක්වුණා. මැති ඇමතිවරුන් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාවන්ට එක්ව සිටියා.