fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විග්නේෂ්වරන්ට එරෙහි නඩු විභාගය 21 වනදා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2019 10:50

විග්නේෂ්වරන්ට එරෙහි නඩු විභාගය 21 වනදා

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහි නඩුව අද (15) යළි කැදවූවා. ඒ අභියාචනාධිකරණයයේදීයි.

උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා තීරණය කර තිබුණා. එය වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම ක්‍රියාත්මක නොකළ බවට චෝදනා කරමින් ඩෙනීෂ්වරන් මහතා හිටපු මහ ඇමතිවරයා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණා.

ඒ  අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේයි. අද (15) නඩු විභාගය කැදවූ අවස්ථාවේදී එය විභාග කිරීම ලබන 21 වනදා සිදු කරන බව විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ප්‍රකාශ කළා. විග්නේෂ්වරන් මහතා ඇතුළු වගඋත්තරකරුවන් ගොනුකළ මූලික විරෝධතා මීට පෙර අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2019 10:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්