අම්පාර දිස්ත්‍රික්කයේ උක් වගාකරුවන්ගේ ගැටලු අධීක්ෂණයට විශේෂ කමිටුවක් පත් කෙරෙනවා. වගාකරුවන් සහ අමාත්‍ය රවුෆ් හකීම් මහතා අතර පැවති සාකච්ඡාවකදීයි මෙම තීරණයට එළඹුනේ.
මෙහිදී මතුවූ ප්‍රධානම ගැටලුව වූයේ උක්වගාවෙන් පාඩු ලැබීමට සිදුවීමයි. එම ඉඩම්වල වී වගා කිරීමට අවසර ලැබෙන්නේ නම් තම ආදායම ඉහළ නංවා ගත හැකි බව ගොවීන් පවසනවා. 1965 වසරේ දී උක්වගාකරුන් සදහා රජයෙන් අක්කර හයක් ලබා දී තිබෙනවා.
1968 වසරේ දී එය අක්කර 4 දක්වා අඩු කෙරුණා. එම ඉඩම්වලයි ගොවීන් උක්වගා කළේ. පසුව යුද සමයේ මෙම ඉඩම්වල වී වගාකෙරුනා. යලිත්වරක් මෙම ඉඩම්වල උක්වගා කරන ලෙස අදාළ වැවිලි සමාගම් බලපෑම් කළද ඉන් තමන්ට ඉහළ ආදායමක් ලබා ගත නොහැකි බවයි ගොවීන් පවසන්නේ. මෙම ගැටලුව විසදීම සදහා කරුණු සෙවීමටයි කමිටුවක් පත් කෙරුණේ. අමාත්‍ය නවීන් දිසානායක, රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.