වෙඩිතැබීමකින් තුවාල ලැබූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.
යතුරුපැදියෙන් පැමිණි දෙදෙනෙකු කොටහේන පොලිස් වසමේ මැල්වත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවටයි තොරතුරු හෙළිවුණේ.
තුවාල ලබා තිබෙන්නේ ආශා ෆාරි නොහොත් කුඩු චූටි නැමැති කාන්තාවයි.
ඇය හෙරොයින් ජාවාරමේ නිරත සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කන්ජිපානී ඉම්රාන් සමඟ සම්බන්ධතා පවත්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.