සංවර්ධන ගමනේදි ශ්‍රී‍්‍ර ලංකාව විශිෂ්ට වර්ධනයක් අත්කරගෙන ඇති බව ලෝක බැංකු දකුණු ආසියා කළාපීය උප සභාපති හාර්ට්විග් ෂාෆර් මහතා ප්‍රකාශ කළා.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. ඉහල මැදි ආදායම් ලබන රටක් බවට පත්විමට ශ්‍රී‍්‍ර ලංකාවට කඩිනමින් හැකියාව ලැබෙනු ඇති බවයි ලෝක බැංකු දකුණු ආසියා කළාපිය උප සභාපතිවරයා සදහන් කළේ. මේ වන විටත් ශ්‍රී‍්‍ර ලංකාවෙන් ප්රවණතා රැසක් දැකගැනීමට ඇතැයිද ඔහු පෙන්වා දුන්නා.
මේ අතර දේශීය ආදායම් පනත සංශෝධනය, ජාතික විගණන පනත සහ සකි‍්‍රය බැරකම් කළමනාකරණ පනත සම්බන්ධයෙන් ද ලෝක බැංකුව ප්‍රසාදය පළකර තිබෙනවා. ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් ද ලෝක බැංකු උපසභාපතිවරයා ප්‍රසාදය පළකළා.ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.