බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හා ඔහුගේ බිරිදට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන මස 25 වනදාට කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
කොළොන්නාව, මී තොටමුල්ල ප්‍රදේශයේ ඉඩමකින් එහි අනවසර පදිංචිකරුවන් ඉවත්කර දෙන බව පවසමින් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි නඩු විභාගය පැවැත්වෙන්නේ. 2015 වසරේ මෙම සිද්ධිය සිදුව තිබෙනවා.