අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී.
පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන මගින් සංවිධාන කරන පරිසර සමුළුවේ අරමුණ වන්නේ පරිසර ගැටලු පිළිබද විශේෂ අවධානයක් යොමු කිරීමයි. අද පැවති සමුළුවේ ප්රමුඛ අවධානයක් යොමු වුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන වන අලි ගැටලුවයි. මහා සංඝරත්නය ප්රමුඛ ආගමික නායකයන්,රාජ්‍ය නිලධාරින් සහ පාසල් සිසුන් මෙම සමුළුවට එක්ව සිටියා. පරිසර සංරක්ෂණය පිළිබද ඔවුන් මගින් ජනතාව දැනුවත් කිරීමට මෙහිදී කටයුතු කළා.