කටුගස්හින්න ප්‍රදේශයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා.
මහනුවර සිට රිකිල්ලගස්කඩ දෙසට ධාවනය වූ මෝටර් රථයකුයි මෙසේ අනතුරට ලක් වුණේ. මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශයේ පවතින අධික මීදුම හේතුවෙන් රථවාහන ධාවනයේදී බාධා එල්ල වී තිබෙනවා.
සවස් කාලයේ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මාර්ගය ලිස්සන සුළු ස්වභාවයක් ද පවතිනවා. මෝටර් රථය කටුගස්හින්න ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී ඇති අතර බරපතල තුවාල ලැබූ දෙදෙනා මහනුවර රෝහලට ඇතුළත් කෙරුණා. අධික මීදුම හේතුවෙන් දහවල් කාලයේදී ද මධ්‍යම කදුකරයේ රථවාහන ධාවනයේදී ප්‍රධාන ලාම්පු දල්වන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.