ඒ 380 සුපර් ජම්බෝ යානා නිෂ්පාදනය අවසන් කරන බව යුරෝපා එයාර් බස් සමාගම ප්රකාශ කළා.
2021 වසර සදහා වන අවසන් නිෂ්පාදන පමණක් සිදුකරන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ඒ 380 ගුවන් යානා මෙතෙක් බහුලව මිලදී ගත් එමිරේට්ස් සමාගම සිය ඇණවුම් අඩුකිරිමට තීරණය කර තිබෙනවා. ගුවන් යානා නිෂ්පාදනය අවසන් කිරිමට එය ප්රබල හේතුවක් වූ බවයි එයාර් බස් සමාගම සදහන් කරන්නේ. විශාල පිරිවැයක් දරා සුඛෝපභෝගී ගුවන් යානා නිෂ්පාදනය කළ ද අපේක්ෂිත ලාභය ලබාගැනීමට නොහැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.