උතුරේ ක්රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුව තිබෙනවා.
එහි නේවාසික සම්බන්ධීකාරක හෙනා සිංගර් මහත්මිය උතුරු පලාත් ආණ්ඩුකාර සුරේෂ් රාගවන් මහතා සමග ඒ පිලිබදව සාකච්ඡා කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ. ඉන්දියාවේ සිටින ශ්රී ලාංකික සරණාගතයන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා. උතුරේ ජනතාව වෙනුවෙන් රජය ක්රියාත්මක කරන සංවර්ධන කටයුතු අගය කරන බවයි එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරිය එහිදී ප්රකාශ කළේ.