fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තේ අපනයන ගැටලු විසදීමට ජනපතිගේ අවධානය

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2019 10:09

තේ අපනයන ගැටලු විසදීමට ජනපතිගේ අවධානය

තේ අපනයනයේදී මතුව ඇති ගැටලු පිළිබද විශේෂ අවධානය යොමු කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි. තේ කර්මාන්තය ආශ්‍රිත ගැටලු අධ්‍යයනය කර විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා කමිටුවක් ද පත්කර තිබෙනවා.

තේ කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයින්ගේ වැටුප් ගැටලුව පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. තේ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති කෙටිකාලීන හා දිගුකාලීන ගැටලු පිළිබඳ අධ්‍යයනය කර විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා කමිටුවක් පත්කර තිබෙනවා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච් එම් පී හිටිසේකර , වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ ඒ රංජිත්, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ආර් පී ආර් රාජපක්‍ෂ , භාණ්ඩාගාර ලේකම් ආර් එච් එස් සමරතුංග , තේ මණ්ඩලයේ සභාපති ඩබ්ලිව් එල් පී විජේවර්ධන , කම්කරු කොමසාරිස් ජනරාල් ජේ විමලවීර යන මහත්වරුන් සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය , ශ්‍රී ලංකා තේ කර්මාන්ත හිමියන්ගේ සංගමය , ශ්‍රී ලංකා තැරැව්කරුවන්ගේ සංගමය , තේ අපනයනකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් සාමාජිකයින් මෙම කමිටුවට ඇතුළත්. මසක් ඇතුළත අදාළ කමිටු වාර්තාව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතුයි.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2019 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්