මිරිස්ස නගරයේ පිහිටි නිල් තල්මසුන් නැරඹීමේ මධ්‍යස්ථානය දින 12 ක් තුළ රුපියල් කෝටි තුනකට වැඩි ආදායමක් උපයා තිබෙනවා. සංචාරක හා වනජීවී අමාත්‍යාංශය මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරනවා.
ලෝකයේ වෙසෙන විශාලතම ක්ෂීරපායි සත්වයා වන්නේ නිල තල්මසායි. ශ්‍රී ලංකාවේ මිරිස්ස නගරය ආශ්රිත ප්‍රදේශය තුළ නිල් තල්මසුන් ලෝකයෙන්ම කෙටි වේලාවක් තුළ නැරඹිය හැකි ස්ථානය බවට පත්ව තිබෙනවා. මේ මාසයේ පළමුවනදා සිට 12 වනදා දක්වා එම මධ්‍යස්ථානයේ ආදායම රුපියල් කෝටි තුන ඉක්මවා තිබෙනවා. මෙම කර්මාන්තය දියුණු කිරීමට අදාළ වැඩපිළිවෙළ රජය මගින් හදුන්වාදීමත් සමගයි මෙම ප්‍රගතිය අත්කරගෙන තිබෙන්නේ. රජය සංවර්ධනය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ වෙනුවෙන් මෙය නව අවස්ථාවක් බවයි වනජීවී අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.