Life+News The Official News Portal of Independent Television Network Ltd

අද හොඳම දවස…

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2019 08:30

අද හොඳම දවස…

ඇත්ත ප්‍රේමය කියන්නේ මොකද්ද? වේලාවකට ප්‍රේමය ආදරයට කිට්ටු වෙනවා. තවත් වෙලාවකට රාගයට කිට්ටු වෙනවා. සමහර වෙලාවට විරාහවට කිට්ටු වෙනවා.

මින් දශකයකට පමණ එහා යොවුන් වියේ ආදරය ගෙවුනේ චොකලට්, මල් එක්කලා, ඒත් එක්කම ෆෝන් එකෙන් ගොඩාක් ආදරය කලා. ඒත් කාලය දැන් බොහොම වෙනස් වෙලා. එක ගීතයක කියනවා මතක ඇතිනේ ප්‍රේමය මේ යැයි කියා හදුනාගත් කිසිකෙනෙකු නැති බව.

මේ යුගයේ ප්‍රේමය වැඩි වැඩියෙන් රාගයට කිට්ටු වෙලා. බොහෝ අය ආදරයෙන් අන්ධ වෙලා. කොච්චර පාසල් ජෝඩු ෆිල්ම් හෝල්, හෝටල් කාමර අස්සෙන් මතුවෙනවාද? ඔවුන් ඒවා අස්සේ රිංගා කරන්නේ ආදරය සැමරීමද? නැහැ . ඔවුන් බොහොමයක් ජීවිතය වරද්දා ගන්නවා. ඔවුන්ට ප්‍රේමය, ලිංගිකත්වය ගැන මනා දැනීමක් නැහැ. හැගීම්වලට වහල් වු පමණින් එතැන ආදරයක් නැහැ. ලිංගික සම්ප්‍රේෂණ රෝග, අනවශ්්‍ය ගැබ් ගැනීම් වගේම රටේ නිතීය ගැනත් මේ දරුවෝ දැනුවත් නැහැ. ඒ නිසා මේ ආදරය ඒඩ්ස් වගේ මාරාන්තික රෝගයකින් , ගබ්සාවකින්, මරණයෙන් අවසන් වෙන්නත් පුළුවන්.

පෙබරවාරි දාහතර වැනිදා එනකම් ආදරණීය යුවළ බලාගෙන ඉන්නවා වගේ, ඒ ආදරෙයි කියන්න, තෑගී බෝග හුවමාරු කරගන්න හා තවත් බොහෝ දේ වෙනුවෙන්…ආදරය වෙනුවෙන් බොහෝ දේ කරපු වැලන්ටයින් සාමිවරයාගේ මරණය සිදු වු ඒ දවස, පෙබරවාරි දාහතර වැනිදා වැලන්ටයින් සාමිවරයාගේ මෙහෙවර සිහි කරනවා වෙනුවට අද ඒය වානිජකරණයට ලක්වෙලා.අවුරුද්ද පටන් ගන්න කොටම ඇහෙන්නේ වැලන්ටයින් ප්‍රෝමෝෂන්, බොහෝ දෙනෙක් ළපටි ජෝඩු ඉලක්ක කර බොහෝ දේවල් කරන්න හිතනවා.

මේ ලිපිය කියවන අපි බොහෝ දෙනෙක් මව්පියන්. අපේ දරුවා බිලිගන්න බලා ඉන්න මේ වැනි දේවල් හදුනා නොගැනීම තුල අපි නොදැනීම අපේ දරුවන් අනතුරේ හෙළනවා.

දැන් ඉස්සර වගේ නෙවෙයි, වැදගත්ම දේ නම් ආදරය නමින් අලෙවි වීමයි. විවිධ වෙළදාම්වල මායා දැල්වල පැටලෙමින් ඔවුන්ගේ අනාගතය අදුරු කර නොගත යුතුයි. ආදරය නමින් අලෙවි වන්න එපා කියලා ඔබ ඔබේ දරුවාට කියාදෙන්න ඕන.

ඒ් වගේම ආදරය කළ යුත්තේ පාසල් වියේ නොවන බවත් ආදරය සෙල්ලමක් නොවන බවත් දරුවාට අනිවාර්යයෙන්ම උගන්වන්න. අපේ දුවා දරුවන් වරද්දා ගන්නා පළමු  දෙය වන්නේ ආදරය හා කාමය යි. අද ජනමාධ්‍ය තුලින් දරුවාට ආදරය යැයි උලුප්පා පෙන්වන කාමයට ඔවුන්ද රැවටෙන්න ගතවන්නේ සුළු කාලයක් පමණයි. ඒ නිසා ආදරයත් කාමයත්  දෙකක්  බව ඔබේ දරුවාට කියාදෙන්න

ආදරයට නියමිත දවසක් නැහැ. ආදරය යනු පෙම්වතා පෙම්වතියට තියෙන ආදරයම පමණක් නොවේ. අවුරුද්දේ හැමදාම ආදරයෙන් ලෝකය දෙස බලන්න ඔබේ දරුවාට කියා දෙන්න ඔබට පුළුවන්.

හෝටල් කාමර තුළ , සිනමාහල්වල ආදරය නොමැති බව ඔබේ දරුවාට  වටහා දෙන්න. ඒ තුලින් හුදෙක් ජීවිතය විනාශ වීමක් පමණක්ම සිදුවෙන බව ඔවුන්ට පෙන්වා දෙන්න.

ඔබේ දරුවාට හැකි තරම් ආදරය දෙන්න. අම්මායි , තාත්තායි දෙන්නම රැකියාවක් එක්ක බොහොම කාර්‍යබහුල වෙන්න පුළුවන් . ඒත් ඔබේ දරුවාට ඔබේ  ආදරය, අවධානය  ලබාදෙන්න. ඒ තුලින් ඔබේ දරුවා රැකගන්න. මේ ආදරවන්තයින්ගේ දිනය එළඹෙද්දී මව්පියන් වන ඔබට දෙන්න ඇති වැදගත්ම පණිවිඩය එයයි.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2019 08:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්