21 වන සියවසට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සදහා කැපවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
කුරුණෑගල විශ්වෝදා විද්‍යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. මෙම පාසල ඉදිකිරීම සදහා රුපියල් කෝටි 100 ක් වැයකර තිබෙනවා. ඩිජිටල් පන්තිකාමරයක් ඇතුළු නවීන පහසුකම් රැසකින් මෙය සමන්විතයි. භාෂා ත්‍රිත්වයෙන්ම අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව මෙහිදී උදාකර දී තිබෙනවා. ගෘහස්ත කි්රඩාගාර , පිහිනුම් තටාක , විදුහල්පති හා ගුරු නිවාස , ආපනශාලා ඇතුළු පහසුකම් වලින් ද එය සමන්විත වනවා. මිශ්‍ර පාසලක් ලෙස කි‍්‍රයාත්මක මෙහි 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්විමටයි නියමිත. උත්සවයට මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.