Life+News The Official News Portal of Independent Television Network Ltd

ගම්මිරිස්, කරුංකා, සාදික්කා, වසාවාසි, සියඹලා හා කුරුඳු ආනයනය අත්හිටුවේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 16:45

ගම්මිරිස්, කරුංකා, සාදික්කා, වසාවාසි, සියඹලා හා කුරුඳු ආනයනය අත්හිටුවේ

ගම්මිරිස්, කරුංකා, සාදික්කා, වසාවාසි, සියඹලා හා කුරුදු ආනයනය අත්හිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. තාවකාලිකව ආනයනය කිරීම,අන්තර්ජාල වෙළෙඳාම හා වාණිජ කේන්ද්‍රස්ථාන මෙහෙයුම් යනාදී ක්‍රම මගින් ශ්‍රී ලංකාවට ආනයනය කරන ද්‍රව්‍යයි මෙලෙස අත්හිටුවනු ලබන්නේ. ඒ ඇතුලු තවත් යෝජනා කිහිපයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාව හා පාකිස්තානය වෙත ප්‍රති නැව්ගත කෙරෙන ආනයනික කුළුබඩු ශ්‍රී ලාංකික නිෂ්පාදන ලෙස වාර්තා වීම වැළැක්වීමට අදාළ ක්‍රමවේද ස්ථාපනයට ද කැබිනට් අනුමැතිය හිමිවුණා.

රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සඳහා පත් කළ විශේෂ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යෝජනා ඉදිරිපත් කිරීම සදහා ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කළා. විශේෂ කොමිෂන් සභා වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධ්‍යයනය කර අවසන් යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සදහායි එය පත්කර ඇත්තේ.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වැනි රජයේ රේඛීය ශික්‍ෂණ රෝහලක් ලෙස  වෛද්‍ය  නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහල පවත්වාගෙන යාමට යෝජනා වී තිබෙනවා. ඒ අනුව කොළඹ නැගෙනහිර මූලික රෝහලට සමගාමීව කොළඹ නැගෙනහිර ශික්‍ෂණ රෝහල ලෙස නෙවිල් ප්‍රනාන්දු රෝහල පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.

මෝටර් වාහන පනත යටතේ බරපතල වැරදි කිහිපයක් සඳහා අයකරන දඩ මුදල් සංශෝධනයට අදාළ කටයුතු සිදුකෙරෙනවා. මේ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව දඩ මුදල් සංශෝධනය කළ යුතු බවටයි නිර්දේශ කළේ. ඊට අදාළ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට හා අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු හා මැදි ආදායම්ලාභීන්ගේ නිවාස සංවර්ධනය කෙරෙනවා. ඒ යටතේ කොහොලන්කල අක්කර 7 ක හා තංගල්ල පර්චස් 60 ක භූමි ප්‍රදේශයක අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 310 ක් ඉදිකෙරෙනවා. මැදි ආදායම්ලාභීන් සඳහා ද නිවාස 56 ක් ඉදිකිරීමට නියමිතයි.

ඇටෝනි බලපත්‍ර ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව කෙටුම්පත් කර ඇති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 16:45
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්