fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිනිස් ජාවාරම් සඳහා ධීවර බෝට්ටු යොදාගැනීම වැළැක්වීමට නව නීති

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 16:53

මිනිස් ජාවාරම් සඳහා ධීවර බෝට්ටු යොදාගැනීම වැළැක්වීමට නව නීති

මිනිස් ජාවාරම සදහා ධීවර බෝට්ටු යොදාගැනීම වැළැක්වීමට නව නීති හදුන්වාදීමට කටයුතු කෙරෙනවා.

බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් හා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අතර පැවති සාකච්ඡාවකදීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. මිනිස් ජාවාරම සදහා ධීවර බෝට්ටු යොදා ගැනීමෙන් යාත්‍රා හිමිකරුවන් මුහුණදී සිටින ගැටලු පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණා. මෙය ඉතා බරපතල ගැටලුවක් බැවින් නීතිපතිවරයා ඇතුළු වගකිව යුත්තන් සමග සාකච්ඡා කර මේ සදහා නව නීති හදුන්වාදීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කියාසිටියේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 16:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්