රුපියල් ලක්ෂ හතලිස් දෙකකට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ යාපනය පේසාලෙයි ප්රදේශයේ දී. වැටලීම සිදුකළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරින්. සැකකරු ළඟ තිබි කේරළ ගංජා කිලෝ ග්රැම් 24කට වැඩි ප්රමාණයක් සොයාගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.