ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වැඩිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
කඩින් කඩ පවතින වර්ෂාව සහ පරිසරය තුළ මදුරුවන් බෝවිය හැකි ලෙස ජලය රැදුණු ස්ථාන සුලභව පැවතීම ඊට හේතුවක්. ඩෙංගු වසංගත තත්වයක් ඇතිවීම වැලැක්වීමේ අරමුණෙන් ඩෙංගු මර්දන ක්ෂේත්‍ර වැඩසටහනක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා. කොළඹ, ගම්පහ , කලුතර සහ යාපනය දිස්ත්‍රික්වල හදුනාගත් අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල වැඩසටහන ක්‍රියාත්මක කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ. 650 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊටදායකත්වය ලබාදෙනවා.