ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකදුරේ මධුෂ් ඇතුලු පිරිස සම්බන්ධයෙන් විමර්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නීතිය උල්ලංඝණය කිරිම පිලිබද චෝදනා ඔවුන්ට එල්ලවී තිබෙනවා. අබුඩාබි තානාපති කාර්යාලය , ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය අධිකරණය මගින් ඒ පිලිබද පරික්ෂණ සිදුකරන බවයි විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සදහන් කළේ. මාකදුරේ මධුෂ් ඇතුලු පිරිස පිලිබද විස්තරාත්මක වාර්තාවක් කඩිනමින් තමන්ට ලැබෙනු ඇතැයි ද විදේශ අමාත්‍යාංශය අපේක්ෂා කරනවා.