fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා විසඳීම සඳහා නිර්දේශ ක‍්‍රියාත්මක කිරිමට අනුකමිටුවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 12:39

රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා විසඳීම සඳහා නිර්දේශ ක‍්‍රියාත්මක කිරිමට අනුකමිටුවක්

රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා නිරාකරණය කිරීමට අවශ්‍ය නිර්දේශ ක‍්‍රියාත්මක කිරිම සදහා අනු කමිටුවක් පත්කිරිමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවුණා. රාජ්‍ය අංශයේ පවතින වැටුප් ව්‍යුහය සමාලෝචනය කරමින් වැටුප් විෂමතා නිරාකරණය කිරීම සදහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ වැටුප් සමාලෝචන කොමිෂන් සභාවක් පත්කර තිබෙනවා. ඒ ජනාධිපතිතුමාගේ උපදෙස් මතයි. ඔවුන් ලබාදුන් වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරිම පිළිබඳ අධ්‍යයනය කර අවසන් යෝජනා ඉදිරිපත් කිරිම සදහායි අනු කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 12:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්