fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිලිඳුකම තුරන් කිරීමේ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 10:55

දිලිඳුකම තුරන් කිරීමේ වැඩසටහනක්

ස්වයං පෝෂිත අර්ථ ක්‍රමය පදනම් කරගෙන දිලිඳුකම තුරන් කිරීමේ වැඩසටහනක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම වතුපොල, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලක්ෂ උයන සහ මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට, පහලගම යන ගම්මාන මෙම නියමු වැඩසටහන සදහා තෝරා ගෙන තිබෙනවා. ආරම්භක වැඩසටහන පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වතුපොල සමෘද්ධි ආදර්ශ ගොවි ගම්මානයේදී ආරම්භ කෙරුණා. තායිලන්තයේ හිටපු රජවරයකු වන දිවංගත බූමි බොල්ට් මැතිතුමාගේ සංකල්පයක් අනුවයි මෙය ක්‍රියාත්මක වන්නේ. අවශ්‍ය ප්‍රමාණයට පමණක් ආහාර නිෂ්පාදනය හා ආහාර ගැනීම,අතිරික්තය අලෙවි කිරීම වැඩසටහනේ මූලික අරමුණයි. ඒ යටතේ පුහුණූ මධ්‍යස්ථාන ඉදිකිරීම, තාක්ෂණික දැනුම ලබාදීම,වෙළඳපොල සකස් කර දීම සිදු කෙරෙනවා. වැඩසටහනේ පළමු පියවර ලෙස  23 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තායිලන්තයේදී පුහුණුවක්ද  ලබා තිබෙනවා. ඔවුන් මේ වන විට විවිධ ස්වයං රැකියා වැඩසටහන් ආරම්භ කරමින් තම ජීවනෝපාය ශක්තිමත් කර ගැනීමට සමත්ව සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 10:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්