Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යවසායකයින් සඳහා ප්‍රථමවරට ඉලොක්ට්‍රොනික දත්ත පද්ධතියක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 10:26

ව්‍යවසායකයින් සඳහා ප්‍රථමවරට ඉලොක්ට්‍රොනික දත්ත පද්ධතියක්

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයින් සදහා ප්‍රථමවරට ඉලොක්ට්‍රොනික දත්ත පද්ධතියක් හඳුන්වාදීම අමාත්‍ය රිෂාඩ් බදුයුදින් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදු කෙරුණා.

මෙම දත්ත ගබඩාව ස්ථාපනය තුළින් වඩාත් කාර්යක්ෂම හා ශක්තිමත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක ජාලයක් බිහි කර ගැනිමට හැකියාව උදා වෙනවා. මෙහි අරමුණ වනුයේ ව්‍යවසායක  සංවර්ධන අධිකාරිය සමග සෘජුව කටයතු කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ව්‍යාපාර තොරතුරු, වෙළෙදපොල තොරතුරු, බැංකු කටුයුතු පහසු කරගැනිමයි. මේ අතර ජාතික ව්‍යවසායක සංවර්ධන අධිකාරිය සමග කටයුතු කරන සංවර්ධන නිළධාරින් සදහා ටැබ් යන්ත්‍ර ලබා දීමද මෙහිදි සිදු කෙරුණා. ඒ අනුව සංවර්ධන නිළධාරින් 250 දෙනෙකුට ටැබ් යන්ත්‍ර ලබා දුන්නා. මේ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 30ක්. මෙම අවස්ථාව සදහා ජාතික ව්‍යවසාය සංවර්ධණ අධිකරියේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් දක්ෂින බොගොල්ලාගම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 10:26
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්