fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විග්නේෂ්වරන්ගේ මූලික විරෝධතා ඉවතට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 10:41

විග්නේෂ්වරන්ගේ මූලික විරෝධතා ඉවතට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා ඇතුළු තුන් දෙනෙකු ගොනුකළ මූලික විරෝධතා අභියාචනාධිකරණය අද (13) ප්‍රතික්ෂේප කළා. අදාළ චෝදනාව යටතේ නඩු කටයුතු ඒ අනුව ඉදිරියට පවත්වාගෙන යාමටයි විනිසුරුවරුන් තීරණය කළේ.

උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා තීරණය කර තිබුණා. එය වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම ක්‍රියාත්මක නොකළ බවට චෝදනා කරමින් ඩෙනීෂ්වරන් මහතා හිටපු මහ ඇමතිවරයා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණා. ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේයි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කටයුතු කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව පවසමින් විග්නේෂ්වරන් මහතා ඇතුළු විත්තිකරුවන් මූලික විරෝධතා ඉදිරිපත් කර තිබුණා. ඒ සම්බන්ධ නියෝගයයි අද(13) ප්‍රකාශයට පත් කෙරුණේ. මේ අතර මෙම නඩු කටයුතුවලින් ඉවත් වීමට කුමුදිනී වික්‍රමසිංහ විනිසුරුවරිය තීරණය කර ඇති බැවින් නව විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව ලබන 15 වනදා කැදවීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්