ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්වුණා. එහිදී ITN FM ගුවන් විදුලියේ ශිල්පීන් දෙදෙනෙකු ප්රශස්ත නිවේදක සහ ප්රශස්ත සජීව විස්තර ප්‍රකාශක සම්මාන වලින් පිදුම් ලැබීම විශේෂත්වයකි.
ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල නෙළුම් පොකුණ රගහලේදීයි පැවැත්වුණේ. මෙවර රාජ්‍ය සම්මාන උළෙල පැවැත්වුණේ දෙවන වරටයි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට සංස්කෘතික කටයුතු අධ්යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය ඇතුළු කලාකරුවන් රැසක් එක්ව සිටියා.
මෙවර ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී ප්රශස්ත සජීව විස්තර ප්‍රකාශක සම්මානය හිමිවූයේ ITN FM හි වජිර කැළුම් පෙරේරාටයි. ඒ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා 20-20 ක්‍රිකට් තරගාවලිය සජීව විස්තර ප්රකාශනය වෙනුවෙනුයි.
ප්‍රශස්ථ නිවේදක සම්මානය හිමිවූයේ ද ITN FM නාලිකාවටයි. හැගුම් වරුසාවේ නිවේදක ඉන්ද්‍රසිරි සුරවීර එම සම්මානයෙන් පිදුම් ලැබුවා. ප්රශස්ත සජීව විස්තර ප්‍රකාශක සම්මානය සදහා නිර්දේශිත නම් අතරට එක්වීමට ද ඔහුට හැකිවුණා. ඒ මහනුවර දළදා පෙරහැර සජීව විස්තර ප්‍රකාශය වෙනුවෙනුයි. ප්රශස්ත ප්රවෘත්ති ප්රකාශිකාවන්ගේ නිර්දේශිත නාම අතරට එක්වීමට ITN FM ප්රවෘත්ති ප්‍රකාශිකා ඉෆ්තියා කාදර් සමත් වුණා. ප්රශස්ත නිවේදිකා නිර්දේශ නාම අතරට ITN FM සින්දු නදී වැඩසටහනේ නිවේදිකා මොනිකා සේරසිංහ එක්ව සිටියා.