ඩුබායි පොලිස් භාරයේ සිටින ගායන ශිල්පී අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ගායකයින් බව ශ්‍රී ලංකාවේ නීතීඥයින් ඩුබායි පොලීසියට තහවුරු කළා. නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතායි මෙසේ කරුණු ඉදිරිපත් කළේ.
මාකදුරේ මදුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා, නදීමාල් පෙරේරා , රංගන ශිල්පී රයන් වැන් රෝවන් ඇතුළු සැකකරුවන් 31 දෙනෙකු පසුගිය 05 වනදා ඩුබායි පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඒ සමග ඩුබායි හි ඔවුන් සහභාගි වූ සාදය පැවති ස්ථානයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය ද හමුවුණා. ගායන ශිල්පී අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා ගායනා කළ ගීත අන්තර්ජාලය ඔස්සේ ලබාගනිමින් පොලීසියට ඉදිරිපත් කළ නීතීඥයන් ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ගායකයින් බව එහිදී තහවුරු කළා.
එමෙන්ම ඔවුන්ට ඇප ලබාදෙන ලෙසට හා ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙසට ඩුබායි පොලීසියෙන් ඉල්ලා තිබෙනවා. මේ අතර නදීමාල් පෙරේරාගේ රුධිර සාම්පලයන්හි කිසිදු මත්ද්‍රව්‍යක් අඩංගු නැති බව ඩුබායි පොලීසිය තහවුරු කළ බව ද නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කරනවා.