සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ඩර්බන්හි තරගය අද (13) ආරම්භ වනවා.
තරගය මෙරට වේලාවෙන් එකයි තිහට ආරම්භවීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ දිමුත් කරුණාරත්නයි. දිමුත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවන පළමු අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයින් තුන් දෙනෙකු ඇතුළත්ව සිටිනවා. නිමා වූ ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට එක්වූ ක්‍රීඩකයින් හත් දෙනෙකුට මෙවර සංචිතයේ අවස්ථාවක් හිමිව නැහැ. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එරටදී ටෙස්ට් තරග 13 ක් පවත්වා තිබෙනවා. ඉන් එක් තරගයක් පමණයි ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ. තරග 11 ක් පරාජයට පත්ව තිබෙනවා. මෙම තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමට නියමිතයි.