ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නියමිත දිනට පවත්වන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වනදා පැවැත්වීමට නියමිතයි. එහි සභාපති අපේක්ෂක මොහාන් ද සිල්වා හා උප සභාපති අපේක්ෂක රවීන් වික්‍රමරත්න යන මහත්වරුන්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට අභියාචනා කමිටුව පසුගියදා කටයුතු කළා. ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි ඔවුන් ඊයේ(11) දිනයේ කියා සිටියේ. එම අධිකරණ ක්‍රියාවන්ට සාර්ථකව මුහුණ දීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් බව ලේකම් චූලානන්ද පෙරේරා මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/fj1Q1akm91o”]