වැඩිහිටියන්ගේ වන්දනා හා විනෝද චාරිකා සඳහා වැඩිහිටි සමිතිවලට බස් රථ ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.
මුල් අදියර යටතේ බස් රථ 50 ක් ලබාදෙන ලෙස අමාත්‍ය දයා ගමගේ මහතා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයට උපදෙස් ලබා දුන් බවයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පවසන්නේ. මේ අනුව සෑම දිස්ත්‍රික්කයකටම බස් රථ 2 බැගින් ලබාදීමට නියමිතයි. රුපියල් මිලියන 250 ක මුදලක් මේ සදහා යොදවන බව අමාත්‍යවරයා පවසනවා. මේ අතර රජයේ වැඩිහිටි නිවාස වඩාත් සුවපහසු ලෙස නවීකරණය කිරීමටද කටයුතු යොදා තිබෙනවා. ශරීර සුවතා, ප්‍රවේශ මාර්ග, සනීපාරක්ෂක පහසුකම්, සෞඛ්‍ය, ආහාරපාන මෙන්ම ඔවුන්ගේ විනෝදය සදහා ලොව දියුණු රටවල් භාවිත කරන ක්‍රමවේදයන් ඒ සදහා උපයෝගී කරගනු ඇති. දිවයින පුරා වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් සිටින බවයි වාර්තා පෙන්වා දෙන්නේ. වයස අවුරුදු 70 ඉක්ම වූ අඩුආදායම්ලාභී වැඩිහිටියන්ට වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මගින් මාසිකව රුපියල් දෙදහසක දීමනාවක් ගෙවනු ලබනවා. හාරලක්ෂ දහසය දහස් හයසිය හැට හත් දෙනෙකු එම ප්රතිලාභ ලබනවා. තවත් වැඩිහිටියන් එක්ලක්ෂ එක්දහස් තුන්සිය දාහත් දෙනෙක් එම දීමනාව ලබා ගැනීමට පොරොත්තු ලේඛනයේ සිටින බවයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සදහන් කරන්නේ.