fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාමිණි සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම අද

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 13:19

ගාමිණි සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම අද

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු 04 දෙනෙකුට එරෙහි ගොණු කර ඇති නඩුවේ පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂි විමසීම අද අවසන් කෙරුණා. ඒ, ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේදීයි.

සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න  සහ චම්පා ජානකී අබේරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැදවනු ලැබුවා. පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂි විමසීම අවසන් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා දැනුම් දුන්නා.  මෙම නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල  මීට පෙර නියෝග කළා. ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් හෙලන්කෝ පුද්ගලික සමාගමේ නීති විරෝධී ලෙස ආයෝජනය කිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 13:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්