වසර 400 ක් පැරණි බොන්සායි ශාක දෙකක් අතුරුදන්වීම සම්බන්ධයෙන් ජපාන පොලිසිය පරික්ෂණ ආරම්භකර තිබෙනවා.
පෞද්ගලික උද්‍යානයක තිබූ ශාක මෙසේ අතුරුදන්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. එම ශාකවල වටිනාකම ජපන් යෙන් මිලියන 13ක්. පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඒවා සොරකම් කර ඇති බවටයි දැනට අනාවරණයවී තිබෙන්නේ. ඔවුන් සොයා පරික්ෂණ ක්‍රියාත්මකයි.