Life+News The Official News Portal of Independent Television Network Ltd

කාර්මික නිෂ්පාදන ඉහළට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 10:15

කාර්මික නිෂ්පාදන ඉහළට

මෙරට කාර්මික නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේදී මෙම තත්ත්වය කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේ කාර්මික නිෂ්පාදන දර්ශකය 109 දශම බිංදුවක් ලෙස වාර්තා වුණා. කාර්මික නිෂ්පාදන දර්ශකය ආර්ථික වර්ධකය මෙහෙයවන ප්‍රධාන මිනුමක් වනවා. දැව සහ දැව ආශ්‍රිත නිෂ්පාදන සහ බීම වර්ග නිෂ්පාදනය මෙන්ම ලෝහ නිෂ්පාදනයද කැපී පෙනෙන ලෙස ඉහළ ගිහින්. ආහාර නිෂ්පාදන අංශයෙහි ද වැඩිවීමක් දක්නට ලැබෙනවා. මෙම අංශයන්හි වර්ධනය කාර්මික නිෂ්පාදන දර්ශකය ඉහළ යාමට විශේෂයෙන් බලපෑ බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තවදුරටත් සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 10:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්