fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුද හමුදා රග්බි කණ්ඩායම හා පොලිස් කණ්ඩායම අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 08:37

යුද හමුදා රග්බි කණ්ඩායම හා පොලිස් කණ්ඩායම අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන්

අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමිය ලීග් රග්බි තරගාවලියේ යුද හමුදා රග්බි කණ්ඩායම හා පොලිස් කණ්ඩායම අතර පැවති තරගය ලකුණු සමවීම හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාපිටියේ පැවති තරගය මුලසිටම උණුසුම් මුහුණුවරක් ගත්තා. තරගයේ පළමු අර්ධය නිමා  වන විට පෙරමුණ ගැනිමට පොලිස් රග්බි කණ්ඩායම සමත් වුණා. ඔවුන් ලකුණු12 ක් ලබා ගනිද්දි යුද හමුදා කණ්ඩායමට ලබා ගත හැකිවුණේ ලකුණු 05ක් පමණයි. කෙසේ වෙතත් දෙවන අර්ධයේදී යුදහමුදා ක්‍රීඩකයින් ආක්‍රමණශිලි තරග රටාවක නිරත වුණා. මේ අනුව තරගය නිමා වන විට කණ්ඩායම් දෙකම ලකුණු 24 බැගින් ලබා ගෙන සිටියා. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණේ ඒ අනුවයි.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 08:37

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්