එක්සත් ජාතික පක්ෂ නව ආසන සංවිධායකවරුන් 6 දෙනෙකු පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් නව ආසන සංවිධායකවරුන් පත්වීම් ලිපි ලබාගත්තා. ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ ආරම්භ කර සියලු බලවේග එකතු කර ගනිමින් ඉදිරි ගමනක් යන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.
එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් වෙත පත්වීම් ලිපි ලබාදීම අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණා. දඹදෙණිය ආසන සංවිධායකවරයා ලෙස ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා පත් කර තිබෙනවා. ලලිත් දිසානායක මහතා අරණායක ආසන සංවිධායක ලෙස පත් කෙරුණා. පාතදුම්බර ආසන සංවිධායක වන්නේ තිළින බණ්ඩාර තෙන්නකෝන් මහතායි. පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා මීගමුව ආසන සංවිධායක ලෙස පත් කර තිබෙනවා. වාරියපොළ ආසන සංවිධායක ලෙස මංජුල බණ්ඩාර මහතා පත් කර ඇති අතර හිරියාල ආසන සංවිධායක ලෙස පත්කර ඇත්තේ ඩී එම් යූ බී විජේනායක මහතායි. එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ නව ආසන සංවිධායකවරුන් පත්කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/u1ZYMAS3IkM”]