fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුද්ගල ඝාතනයකට වරදකරු වූ පුද්ගලයෙකුට මරණ දඬුවම

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 16:27

පුද්ගල ඝාතනයකට වරදකරු වූ පුද්ගලයෙකුට මරණ දඬුවම

2000 වසරේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මරණ දණ්ඩනය අද නියම කළා.

කැලණිය බොල්ලෑගල ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් නීතිපතිවරයා විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා තිබුණා. එක් විත්තිකරුවෙකු නිදොස්කොට නිදහස් කිරීමට මහාධිකරණය නියෝග කළා. මරණ දණ්ඩනය නියම වූයේ කැලණිය බොල්ලෑගල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකුටයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 16:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්