fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විමල්ගේ නඩුව ලබන 25 කැඳවීමට අධිකරණයෙන් නියෝග

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 14:31

විමල්ගේ නඩුව ලබන 25 කැඳවීමට අධිකරණයෙන් නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහි නඩුව ලබන 25 වනදා කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

මහජනයාට හිරි හැර වන පරිදී සහ රථවාහනවල ධාවනයට බාධා වන සේ කොළඹ බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂණයක් සංවිධාන කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. මෙම නඩුව අද කැදවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය කුරුදුවත්ත පොලිසියට නියෝග කළේ සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන මීළග දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. 2016 වසරේ පෙබරවාරි 6වනදා ජාතික නිදහස් පෙරමුණ අදාළ උද්ඝෝෂණය සංවිධාන කර තිබුණා. ඒ ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා ගමනට විරෝධය පළකරමින්. නිසි බලපත්‍ර නොමැතිව, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් වාහන ධාවනයට බාධා පමුණුවමින් මෙය සංවිධාන කර ඇති බවට පොලිසිය චෝදනා කරනවා.

මේ අතර ශානුක රත්වත්තේ ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකුට එරෙහි නඩුවද මාර්තු මස 25 කැදවීමටයි කොළඹ මහාධිකරණය නියෝග කලේ.

ශ්‍රී ලංකා මහබැංකුවේ නිසි අවසරයකින් තොරව එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී නමැති සමාගමක් ස්ථාපනය කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. මෙම නඩුවේ විත්තිකරුවෙකු වන ඉසිර ධර්මප්‍රිය නමැත්තා අසනීපයෙන් පසුවීම හේතුවෙන් අධිකරණයට අද පැමිණ සිටියේ නැහැ. ඒ හේතුවෙන් නඩුව මාර්තු මස 25 වනදා කැදවීමට මහාධිකරණ විනිසුරුවරයා තීරණය කළා. විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා ගොනු කර ඇත්තේ නීතිපතිවරයායි. ඒ සමාගම් පනත යටතේයි.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 14:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්