fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර් පාසල් කබඩි 16 න් පහළ බාලක ශූරතාව මතුලෑව මහා විද්‍යාලයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 12:11

අන්තර් පාසල් කබඩි 16 න් පහළ බාලක ශූරතාව මතුලෑව මහා විද්‍යාලයට

අන්තර් පාසල් කබඩි ශූරතාවලියේ වයස අවුරුදු 16 න් පහළ බාලක ශූරතාව දිනා ගැනීමට මතුලෑව මහා විද්‍යාලය සමත් වුණා.

එහි බාලිකා ශූරතාව හිමිවූයේ ගල්ගමුව මීගලෑව ජාතික පාසලටයි.

ගාල්ලේදී දින දෙකක් පුරා පැවති තරගාවලියට පාසල් 150 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් කබඩි කණ්ඩායම් එක්ව සිටියා. තරගාවලියේ වයස අවුරුදු 16 න් පහළ බාලක ශූරතාව මතුලෑව මහා විද්‍යාලය දිනා ගනිද්දී එහි අනුශූරතාව හිමිවූයේ නාවලපිටිය අනුරුද්ධ කුමාර විද්‍යාලයටයි. එම වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාව ගල්ගමුව මීගලෑව ජාතික පාසල දිනා ගනිද්දී අනුශූරතාව කොටවාය මහා විද්‍යාලය දිනා ගත්තා. වයස අවුරුදු 14 න් පහළ බාලක ශූරතාව දිනා ගත්තේ කන්දකැටිය ඩී එස් සේනානායක විද්‍යාලයයි.  නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලයි එහි අනුශූරතාව හිමිකර ගත්තේ. එම වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාව ඇඹිලිපිටිය හල්මිල්ලකැටිය මහා විද්‍යාලය දිනා ගනිද්දී මීගලෑව මහවැලි ජාතික පාසල අනුශූරතාව හිමිකර ගත්තා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 12:11

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්