එම්. එම්. චන්ද්‍රමෝලිගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු නවතම සිනමාපටයක් පෙම්වතුන්ගේ දිනයේදී හොලිවුඩ් සිනමාපුරයෙන් තිළිණ කිරීමට සූදානම් කර තිබෙනවා..ඒ 100% කාදල් නම් වූ සිනමාපටයයි.. 2011 දී 100% කාදල් නමින් තිරගතවූ තෙළිඟු සිනමාපටයේ ප්රතිනිර්මාණයක්වූ ආදර වෘත්තාන්තයක් වන මෙම සිනමාපටය නව යොවුන් වියේ ආදරය, තරගකාරී බව, අධිෂ්ඨානශීලී බව කැටි කළ කතා පුවතක්.
සිනමාපටයට අනුව බාලු (ප්‍රකාශ් කුමාර්) සහ මහාලක්ෂ්මීය (ශලිනි පාණ්ඩේ) දෙදෙනාම පාසලේ ඉහළම ලකුණු ගැනීමේ තරගයක යෙදී සිටින අතර වරෙක බාලු පරයමින් මහාලක්ෂ්මී පෙරමුණ ගනී. මෙයින් බාලු මහත් සිත් වේදනාවට පත් වේ. ඔහු කපටි ලෙස මහාලක්ෂ්මී මඟ හරී. එහෙත් බාලු පුදුමයට පත් කරමින් ඊළග වාරයේ අජිත් ප්‍රථමයා බවට පත් වෙයි. පියා මහාලක්ෂ්මීට ගෙනෙන විවාහ යෝජනාවට ඇය අකැමැති වන අතර බාලු ඒ විවාහය අවලංගු කිරීමට ඇයට සහාය වන්නේ තමන් වෙනුවෙන් අජිත් ඉගෙනීමෙන් ඈත් කරන ලෙස පොරොන්දු කරවා ගනිමිනි. එහෙත් බාලුගේ සිත මහාලක්ෂ්මී වෙත ඇදී යයි. මේ තිදෙනාගේ ඉරණම ආදරවන්තයන්ගේ දිනයේදී හදවත් සංවේදී කරන්නක්.
පෙබරවාරී 1 4 තිරගත වීමට නියමිත මෙම සිනමාපටය පෙම්වත් හදවත් සොරාගැනීමට සමත් නිර්මාණයක් වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ..
[ot-video type=”youtube” url=”https://youtu.be/FLIcy7L8G3w”]