ශ්රී ලංකා එක්දින ක්රිකට් කණ්ඩායමේ නායකයා සිදුකළ යුත්තේ කණ්ඩායමේ පවතින බෙදීම අවසන් කිරීම බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පවසනවා.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා දකුණු අප්රිකා කණ්ඩායම අතර ටෙස්ට් ක්රිකට් තරග දෙකක්, එක්දින තරග පහක් හා පන්දුවාර විස්සයි විස්ස තරග තුනක් පැවැත්වීමට නියමිතයි. දෙරට අතර ටෙස්ට් ක්රිකට් තරගාවලිය ලබන 13 වනදා ආරම්භ වනවා. එම තරගයෙන් අනතුරුව ශ්රී ලංකා එක්දින ක්රිකට් කණ්ඩායම නම් කරන බවයි තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා අයිටීඑන් ප්රවෘත්ති අංශය සමග කියා සිටියේ. ශ්රී ලංකා කණ්ඩායමේ මේ වන විට පවතින බෙදීම අවසන් කළ හැකි අයෙකු නායකත්වයට පත් කිරිම කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා. කෙසේ වෙතත් මෙවර තරගාවලියේදී එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා අත්හදා බැලීම් කිහිපයක් සිදු කිරීම තේරීම් කමිටුවේ අපේක්ෂාව වී තිබෙනවා. නවක ක්රීඩකයින් කිහිප දෙනෙකුටද කණ්ඩායමේ අවස්ථාවක් ලබා දීම මේ අනුව සිදුවනු ඇති. මේ වන විට ශ්රී ලංකා එක්දින ක්රිකට් නායකයා ලෙස කටයුතු කරන්නේ ලසිත් මාලිංගයි. එම පත් කිරීම සිදු කරනු ලැබුවේ නිමා වූ නවසීලන්ත එක්දින ක්රිකට් තරගාවලිය වෙනුවෙන් පමණක් බවයි තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පවසන්නේ. පසුගියදා ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් නායකත්වයේද වෙනසක් සිදු වුණා. ඒ දිනේෂ් චන්දිමාල් වෙනුවට දිමුත් කරුණාරත්නට නායකත්වය හිමි වීමයි.