fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බය නැතුව බඩඉරිගු වගා කරන්න

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 11:10

බය නැතුව බඩඉරිගු වගා කරන්න

කිසිදු බියකින් තොරව බඩඉරිගු වගා කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා.

සේනා දළඹු උවදුර හේතුවෙන් බඩඉරිගු වගාවට හානි පැමිණුණා. ඒ හේතුවෙන් බොහෝ ගොවීන්  බඩඉරිගු වගාවෙන් ඈත්වන තත්ත්වයක් දක්නට ලැබෙනවා. එහෙත් සේනා දළඹුවාගෙන් හානි පැමිණුනේ පසුගිය කන්නයේ වගාකළ බඩඉරිගු හෙක්ටාර අසූදෙදහසින් සියයට පහකටත් අඩු ප්‍රමාණයකට බව කෘෂිකර්ම නිලධාරීන් පවසනවා. සේනා දළඹු මර්දනය පිළිබදව ගන්නෝරුව කෘෂිකර්ම තොරතුරු මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරුණා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදී නියමිත කාලයේදී බඩඉරිගු වගා කිරීමෙන් හානිය අවම කර ගත හැකි බව එම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති හා පුහුණු අධ්‍යක්ෂ කේ බී ගුණරත්න මහතා පවසනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 11:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්